Tuesday 22 August 2017

නීතිය හා යුක්තිය - සිංහල බ්ලොග් අවකාශය

නීතිය (Law) පිළිබඳව නිර්වචන (Definitions)


ලොව පුරා බහුලව පිළිගත් සහ ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිගන්නා අයුරින් මේ ගැන විමසා බලමු.

"තෝමස් හිල් ග්‍රීන්"ගේ නිර්වචනය අනුව;

නීතිය යනු රාජ්‍යය විසින් ක්‍රියාවට නංවන අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳව පද්ධතියකි. 


ජෝන් ඔස්ටින්ගේ නිර්වචනය අනුව;



පරමාධිපත්‍යය සහිත දේශපාලන ආධිපත්‍යයක් විසින් නිකුත් කරන ආඥාවකි.


නීතිය යනු කෙටියෙන් ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. සියලූ නීති පද්ධතීන් සමාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන නමුත්, විවිධ රටවල් නීතිමය විෂයන් වර්ග කරනුයේ විවිධාකාරයෙනි. ඉන් වඩාත් පොදු වර්ගීකරණයක් නම්, රාජ්‍යය සමග සමීපව බැඳී පවතින ‘පොදු නීතිය’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය හා අපරාධ නීතිය සහ ‘පෞද්ගලික නීතිය’ (ගිවිසුම්, තෝරත සහ දේපළ නීතිය) යන විෂයයන් ය. (තෝරත නීතිය - Law of Torts/ Law of Delict යනු ගිවිසුම් වගකීමෙන් හටගන්නා සිවිල් වැරදි සඳහා පිළියම් වන නීතිය සඳහා දෙනු ලබන නාමයයි.) සිවිල් නීති පද්ධතීන් තුළ, ගිවිසුම් හා තෝරත නීතිය බැඳීම් නීතිය සහ සාමාන්‍ය වර්ගීකරණයට අයත් වන අතර, භාරකාරත්ව නීතිය අයත් වන්නේ ජාත්‍යන්තර එකඟතා පිළිබඳ අංශයට ය. අතිශය ප‍්‍රායෝගික වැදගත්කමකින් යුත් වැඩිදුර විෂයයන් පවතින නමුත්
 අන්තර්ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ පරිපාලන, අපරාධ, ගිවිසුම්, තෝරත, දේපළ හා භාරකාරත්ව නීතිය යන විෂයයන් සැලකෙන්නේ ‘සාම්ප‍්‍රදායික කේන්ද්‍රීය විෂයයන්’ ලෙස ය.



යුක්තිය (Justice) පිළිබඳව නිර්වචන (Definitions)


යුක්තිය යනු,

සාධාරණ සැලකුමකි, 


සාධාරණ හැසිරීමකි.


යුක්තිය ඉටුවීමට නම්,

01. තමාට එරෙහිව ඇති චෝදනා දැනගැනීමට ඇති අයිතිය
02. තමා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු කීමට ඇති අයිතිය
03. සාධාරණ හා අපක්ෂපාතී විනිශ්චයක් (fair & reasonable trial) ලබා ගැනීමට ඇති අයිතිය



සම්පූර්ණ විය යුතුය. 


නමුත් සිංහල බ්ලොග් අවකාශය ගත්විට එයට අරක්ගෙන සිටින බහිරවයින්, බ්ලොග්කරුවන් විකුණා එදාවේල හොයාගන්නා බ්‍රෝකර්වරුන් සහ ආණ්ඩුවට ආවඩන බ්ලොග් පොලීසිය විසින් බ්ලොග් අවකාශයේ යුක්තිය සාධාරණත්වය වනසා කෘත්‍රිම ඒකාධිපතීත්වයක් ගොඩනගා ඇත. මෙම තත්ත්වය විනාශ කොට නැවත යුක්තිය සාධාරණත්වය උදාකරගැනීමට අප අරගල කරමු.

3 comments:

  1. උඹ මේ පෝස්ට් එක දැම්මෙ බ්ලොග් පොලීසිය දැනුවත් කරලද? නැත්නම් කන්නවෙයි ආ? කන්ටැක්ට් බ්ලොග් පොලිස්පති උපසේවා පොලිස් කොස්තාපල් ඉයන් ලින්තොට ලොකු උන්නැහේව.

    අජිත් ධර්මකීර්තිගෙනුත් වහාම අවසර ගනින්, නැත්නම් ඊ-නිව්ස් එකට කියල ගේමක් දෙයි.

    මොනා උනත් අපි උඹ සමගයි !

    ReplyDelete
  2. අනුන්ගේ ඇසේ රොඩ්ඩ සෙවීමට පෙර තමන්ගේ ඇසේ පරාලය ලොකු බව වටහා ගත යුතුයි.

    අද දේශපාලන පිටියේ සිදුවෙමින් පවතින්නේ පුදුම දේවල් ය. මුළු දේශපාලන කාලය පුරාම “මාළු බාපු” අයියලා කුසල් හාමිලාගේ වෙස් ගනිමින්ද, “මකුණො මරපු” අක්කලා සීලවතීලාගේ වෙස් ගනිමින්ද අප අභිමුවට පැමිණෙමින් තිබේ. උත්ප්‍රාසය වන්නේ එසේ පැමිණෙන අතරේම අනෙකාට (විශේෂයන් හිටපු ජනපති මහින්දට ) දුර්ජනයා , අපරාධකාරයා, දූෂිතයා, හොරා යනුවෙන් චෝදනා නගිමින්ම පැමිණීමය.

    ReplyDelete
  3. බුදුරජාණන් වහන්සේ භාරතයෙහි පහළවන අවධිය වන විට එහි පැවතියේ එක්තරා අන්දමක ආගමික උන්මාදයකි. හැම කෙනෙකුගේ ම අවධානය යොමු වී තිබුණේ “ කිං සච්ච ගවේසී” (ඇත්ත කුමක් ද) යන ප්‍රශ්නය දෙසටය. තමා ඉදිරිපත් කරන්නේ පරම සත්‍යය බව පවසමින් බොහෝ ආගමික ශාස්තෘවරු මතවාද ඉදිරිපත් කළහ. ඔවුන්ගේ මතවාද එකිනෙකට පටහැනිය. එසේ නම් ඒ සියල්ල සත්‍ය විය නොහේ. ජනතාව ඇත්ත කුමක්දැයි තෝරාබේරාගත නොහැකිව අන්දමන්ද වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ආගමික පරමාධිකාරයක් ගොඩනඟාගෙන සිටි බමුණන්ට එරෙහි වූ පිරිස් එසේ සත්‍යය සොයමින් විවිධ මත ඉදිරිපත් කරන්නට පෙළැඹුණූ බව භාරතීය ආගමික ඉතිහාසය පරීක්‍ෂා කිරීමේදී වටහාගත හැකිය.දේවවාදය ප්‍රමුඛ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි ප්‍රාග් බෞද්ධ භාරතීය සමාජයේ පැවැති බව ත්‍රිපිටකයෙන් පෙනේ.ඒවා අතර අදේවවාදය, විතණ්ඩවාදය,අහේතු අප්පච්චය වාදය, අකිරියවාදය, හේතුවාදය, පුබ්බේකත හේතුවාදය, ආත්මවාදය ආදි විවිධ මතවාද වූ අතර බුදුදහම අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද දෙකට අයත්වේ. ඒ සියල්ල මිථ්‍යා දෘෂ්ටි ගණයෙහි ලා බුදුදහම විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

    ReplyDelete