Tuesday 22 August 2017

නීතිය හා යුක්තිය - සිංහල බ්ලොග් අවකාශය

නීතිය (Law) පිළිබඳව නිර්වචන (Definitions)


ලොව පුරා බහුලව පිළිගත් සහ ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිගන්නා අයුරින් මේ ගැන විමසා බලමු.

"තෝමස් හිල් ග්‍රීන්"ගේ නිර්වචනය අනුව;

නීතිය යනු රාජ්‍යය විසින් ක්‍රියාවට නංවන අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳව පද්ධතියකි. 


ජෝන් ඔස්ටින්ගේ නිර්වචනය අනුව;



පරමාධිපත්‍යය සහිත දේශපාලන ආධිපත්‍යයක් විසින් නිකුත් කරන ආඥාවකි.


නීතිය යනු කෙටියෙන් ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. සියලූ නීති පද්ධතීන් සමාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන නමුත්, විවිධ රටවල් නීතිමය විෂයන් වර්ග කරනුයේ විවිධාකාරයෙනි. ඉන් වඩාත් පොදු වර්ගීකරණයක් නම්, රාජ්‍යය සමග සමීපව බැඳී පවතින ‘පොදු නීතිය’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය හා අපරාධ නීතිය සහ ‘පෞද්ගලික නීතිය’ (ගිවිසුම්, තෝරත සහ දේපළ නීතිය) යන විෂයයන් ය. (තෝරත නීතිය - Law of Torts/ Law of Delict යනු ගිවිසුම් වගකීමෙන් හටගන්නා සිවිල් වැරදි සඳහා පිළියම් වන නීතිය සඳහා දෙනු ලබන නාමයයි.) සිවිල් නීති පද්ධතීන් තුළ, ගිවිසුම් හා තෝරත නීතිය බැඳීම් නීතිය සහ සාමාන්‍ය වර්ගීකරණයට අයත් වන අතර, භාරකාරත්ව නීතිය අයත් වන්නේ ජාත්‍යන්තර එකඟතා පිළිබඳ අංශයට ය. අතිශය ප‍්‍රායෝගික වැදගත්කමකින් යුත් වැඩිදුර විෂයයන් පවතින නමුත්
 අන්තර්ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ පරිපාලන, අපරාධ, ගිවිසුම්, තෝරත, දේපළ හා භාරකාරත්ව නීතිය යන විෂයයන් සැලකෙන්නේ ‘සාම්ප‍්‍රදායික කේන්ද්‍රීය විෂයයන්’ ලෙස ය.



යුක්තිය (Justice) පිළිබඳව නිර්වචන (Definitions)


යුක්තිය යනු,

සාධාරණ සැලකුමකි, 


සාධාරණ හැසිරීමකි.


යුක්තිය ඉටුවීමට නම්,

01. තමාට එරෙහිව ඇති චෝදනා දැනගැනීමට ඇති අයිතිය
02. තමා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු කීමට ඇති අයිතිය
03. සාධාරණ හා අපක්ෂපාතී විනිශ්චයක් (fair & reasonable trial) ලබා ගැනීමට ඇති අයිතිය



සම්පූර්ණ විය යුතුය. 


නමුත් සිංහල බ්ලොග් අවකාශය ගත්විට එයට අරක්ගෙන සිටින බහිරවයින්, බ්ලොග්කරුවන් විකුණා එදාවේල හොයාගන්නා බ්‍රෝකර්වරුන් සහ ආණ්ඩුවට ආවඩන බ්ලොග් පොලීසිය විසින් බ්ලොග් අවකාශයේ යුක්තිය සාධාරණත්වය වනසා කෘත්‍රිම ඒකාධිපතීත්වයක් ගොඩනගා ඇත. මෙම තත්ත්වය විනාශ කොට නැවත යුක්තිය සාධාරණත්වය උදාකරගැනීමට අප අරගල කරමු.

Monday 21 August 2017

බ්ලොග් යුක්තිය - සිංහල බ්ලොග් අවකාශයේ යුක්තිය සාධාරණත්වය සොයා යාම !

බ්ලොග් මර්දනය සහ බ්ලොග් ලොව අයුක්තිය අසාධාරණයට එරෙහිව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීම අපගේ අරමුණයි. බ්ලොග් ලොවට අරක්ගෙන සිටින මර්දකයින් වැනසීම වෙනුවෙන් සියලුම මර්දනයට ලක්වූ වින්දිතයින් එක්විය යුතු වෙමු.

වර්තමාන අන්ත දූෂිත යගපාලන චෞර රෙජීම රජය යනු ප්‍රජාතාන්ත්‍රික රජයක් නොවේ යයි ම නොබියව සහ පැහැදිලිව ප්‍රකාශ කරමි. මහින්ද සහ ආණ්ඩුවේත්, වත්මන් දූශිත රෙජීමයේත් ඒකාධිපති රජයකත් අතර විශාල වෙනසක් නැත. ස්වාධීනව හෝ විරුද්ධ දේශපාලන මත දරන බ්ලොග්කරුවන් රජයේ බ්ලොග් පොලිසියේ මාධ්‍ය ගහලයින් මෙන්ම පැමිණ එම බ්ලොගය ආක්‍රමණය කර බ්ලොග්කරුවන්ගේ චරිත ඝාතනය කර නිහඬ කිරීම ඉතාම සංවිධානාත්මකව සිදු වේ.

දැනට මර්දනකාරී රජය විසින් අවහිර කරන ලද වෙබ් අඩවි ප්‍රමාණය 100 කට අධිකය. තවද ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ජනප්‍රියම වෙබ් අඩවි අවහිර කර ඇත. ඒ මන්ද යත් ආණ්ඩුවේ දුෂණ , ආණ්ඩු විවේචනය , මානව හිමිකම් උලල්න්ගනයන් ආදිය ඉතා විශාල ලෙස විවේචනයට බදුන් වන වෙබ් අඩවියක් වන බැවිනි. ආණ්ඩුවට යම් බ්ලොග් අඩවියක් තර්ජනයක් වන බව දැනුනොත් බ්ලොග් පොලිසිය සහ බ්ලොග් බ්‍රෝකර් අයියලා නමැති මැරයින් පැමිණ එය අවහිර කරන අතරම මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට එරෙහි ආන්ඩුවේ ප‍්‍රහාර අඛන්ඩව වර්ධනය වී ඇත. 2015 ජන. 08 සහ අගෝස්තු මාසයේ මැතිවරන අවසන් වීමෙන් හිටපු රෙජීමය ගෙදර ගිය අප්සුවත් වත්මන් ආන්ඩුවේ ප‍්‍රහාර තීව‍්‍ර වීම නිසා පසුගිය වසර දෙක හමාර තුල දුසිමකට වැඩි මාධ්‍යවේදීන්ට රට හැර යාමට සිදුවිය. මාධ්‍ය ආයතන කිහිපයකට ද ප‍්‍රහාර එල්ල විය.

"පුද්ගල චරිත ඝාතන” හා "ආන්ඩුවේ ප‍්‍රතිරූපයට හානි වන ආකාරයේ ප‍්‍රවෘත්ති පල කරන” බවට චෝදනා කරමින් වෙබ් අඩවිවලට සීමා පැනවීමට හා ඇතැම් වෙබ් අඩවි තහනම් කිරීමට ආන්ඩුව පියවර ගෙන තිබීම මාධ්‍ය මර්දනය තව දුරටත් ඉදිරියට ගෙන යාමක් සනිටුහන් කරයි. මෙවැනි දඩයමකින් සංකේතවත් වන්නේ ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මකවන සෙසු ජනමාධ්‍ය පවා බියපත්කර නිහඬ කිරිමට ආණ්ඩුවට ඇති උවමනාවයි. ඉන්පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සුරැකීම , යුක්තිය හා සමාජ සාධාරණය ඉල්ලන ජනතා ව්‍යාපාර හුදෙකලා කිරීමට සහ ජනතාවග් අයිතිවාසිකම් ඉල්ලා සටන් වදින කම්කරු, ශිෂ්‍ය, සිවිල් ක‍්‍රියාකාරික හා සමාජ සංවිධාන මර්දනය කරන්නට ආණ්ඩුවට පහසුය.

දැන් තත්ත්වය වෙනස් වී තිබුණත් අප බ්ලොග් එක පටන්ගත් කාලය ඇතැම් බ්ලොග්කරුවන් කමෙන්ට් සඳහා මරාගත්ත, අඬපු කාලයක්. නමුත්, අප මුල සිටම එවැනි තැනක සිටියේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අදාළ, වැඩකට ඇති කමෙන්ට් මිස හිතවත් කමට, උදවුවට, පිට කැසීමට, වෙනත් අයට මඩ ගැසීමට දමන කමෙන්ට් නෙමෙයි. අපේ ඉලක්කය වන්නේ අප ලියන දෙයට අවධානය යොමු කිරීමට මිස අදාළ නොවන දේ කමෙන්ට් කරන අය මෙහි පුරවා ගැනීම නෙමෙයි. ඒ වගේම, වැඩි පිරිසක් ගෙන්නා ගැනීම වෙනුවට වැඩි දෙනෙකුට බලපෑමක් කිරීමේ හැකියාව ඇති ටික දෙනෙකුට ආමන්ත්‍රණය කිරීමයි අපේ උපාය මාර්ගය. එවැනි පිරිසක් මේ වන විට මෙය කියවනවා. එය ප්‍රමාණවත්. ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන තැනක් සොයාගැනීමයි පාඨකයින් (ඇනෝලා ඇතුළූ) කළ යුත්තේ.

අනවශ්‍ය කමෙන්ට් මේ බ්ලොග් එකේ අරමුණු වලට බාධාවක් වන මට්ටමට වැටෙන්න ගත්තොත් ඒවා කිසිදු හේතු දැක්වීමක් නොකර, අපේ අභිමතය පරිදි ඉවත් කරන්න අප පැකිළෙන්නේ නැහැ.

මාහට අනාගතය පිලිබඳ යම්කිසි බියජනක දෙයක් හැඟේ. එනම් වත්මන් යහපාලන රෙජීමය නිදුරු අනාගතයේ දැඩි එකදිපති රජයක් ගෙන යනු ඇත. ඔවුන්ගේ  ධූර කාලය අවසන් වීමෙන් සහ මැතිවරණ නොපවත්මන ඔවුන් ඡන්ද පරාජ වීමෙන් පසුවත් ඔවුන් එම ධුරයෙන් ඉවත්ව නොයනු ඇත. ඔහවුන් විසින් සියලුදේම ඉතා විශාල ලෙස මර්දනය කරන ලබයි. එහි ප්‍රතිපලයක් ලෙස මියන්මාර රට ට උන සේ ශ්‍රී ලංකාව ලෝකයෙන්ම කොන් කර දමන ලද රටක් බවට පත් වේ. ආර්ථික සම්බාධක පැනවෙනු ඇත.. ඉතින් මේ වගේ කාලකන්නි රජයක් නිසා දුක් විදින්න වෙන්නේ වර්තමාන ජනතාවට සහ තවමත් අපේ නුපන්  දරුවන්ටය.
ඔබ අපි මේ මර්දනයට එරහිව පෙළ ගැසෙමු. පක්ෂ බේද අවශ්‍ය නොමැත. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උනත්, එක්සත්ජාතික පක්ෂෙය් උනත්, ජනතා විමුක්ති පෙරමුණ උවත් හෝ වෙන  සුළු පක්ෂයක උනත් කමක් නැත. අපේ රට මේ නරුමයින් ගෙන් බෙර ගනිමු. සැවොම අත්වැල් බැඳගමු.